FLOW CHART ගැන ඉගෙන ගමු
ඇල්ගොරිතමයක ක්‍රියාකාරිත්වය අද්‍යනය කිරීමේදී පාලන ව්‍යුහ තුනක් භාවිතා කළ හැකිය.
- අනුක්‍රමය
- වාරණය
- පුනර්කරණය
ඇල්ගොරිතමයක පියවර කිහිපයක් හෝ සියල්ලම හෝ ආරම්භක පියවරක සිට අවසාන පියවර දක්වා ඉහළ සිට පහළ දක්වා එක එල්ලේ අනුපිලිවලින් ක්‍රියාත්මක වීම මෙලෙස හඳුන්වයි
වාරණය
ඇල්ගොරිතමයක ඇතුලත් කොන්දේසියක් තෘප්ත වීම හෝ නොවීම හෝ අනුව ක්‍රියාත්මක කළ යුතු පියවර කුමක්ද යන්න තීරණය වන අවස්ථාවක් වාරණයක් නම් වේ.
පුනර්කරණය
ඇල්ගොරිතමය කොන්දේසියක් තෘප්ත වන තෙක් හෝ පියවරක් හෝ පියවර කිහිපයක් නැවත නැවත සිදු වීමයි.
ගැලීම් සටහන් භාවිතය
ඇල්ගොරිතමයක් රූපමය ආකාරයෙන් පියවරෙන් පියවර ගොඩනැගෙන හෝ ගොඩනැගී ඇති ආකාරය හෝ ඉදිරිපත් කිරීම්ට ගැලීම් සටහන් යොදා ගනී. මෙහි එක් එක් ක්‍රියාවන් දැක්වීමට පහත සංකේත භාවිත කරයි.
ගැලීම් සටහන් ඇඳීම ඉගෙන ගැනීම සඳහා මෙයට පිවිසෙන්න

No comments:
Post a Comment